Header Ads

ads header

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්...


ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


නිපා (Nipah) වෛරසය මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති අතර මෙය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිර ගිය අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.

මෙවර මෙම වෛරසය පැතිර යන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවට වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මුත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීම බවද සඳහන්.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මුත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝ විට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයු කල අය බවයි සඳහන් වන්නේ.

වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී

උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇතිවන බවත් හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රම වේදය බවත් සඳහන් වනවා.

 

No comments