මහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ජීවය දෙන රන් තැඹිලි තෙල් සිද ගන්නා ආකාරය.......
රත් තැඹිලි හා රන් තැඹිලි යනුවෙන් වර්ග දෙකක් ඇත. රන් තැඹිලි තෙල වශී ගුරුකම් සඳහා යොදා ගැනෙයි. රත් තැඹිලි තෙල ද ගුප්ත කටයුතු සඳහා අවශ්‍ය වේ. මෙය පටලවා නොගත යුතුය. එසේ පටලවා ගතහොත් ගුප්ත කටයුතුවලදී රන් තැඹිලි තෙල්වලින් ලබාගත හැකි ප්‍රතිඵලය නොලැබී යෑමට ඉඩ තිබේ. රන් තැඹිලි වෙනුවට රත් තැඹිලි තෙල යොදා ගතහොත් නියම ප්‍රතිඵලය නොලැබී එම කටයුත්ත අසාර්ථක වේ. මෙම වර්ග 2 ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. රත් තැඹිලි
ගෙඩිය පැහැයක් ගන්වයි. පොල් ගෙඩියට වඩා තරමක් විශාල වේ. එම ගෙඩියේ ඇතුළත රත් පැහැය ගන්වයි. තුනී ගතියක් ඇත. මෙම ගෙඩිය කැපීමේදී රත් පැහැයක් දිස්වේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා රත් තැඹ්ලි ද භාවිතයට හඟියි.
රන් තැඹිලි ගෙඩි රන්වන් පැහැය ගතියි. ගෙඩිය රවුම් හැඩයක් ගනියි. කුඩාය. ලෙල්ලේ සිට අග දක්වා රන්වන් පැහැය ගන්නා නිසා මෙයට රන් තැඹිලි කියා හඳුන්වයි. රත් තැඹිලි ගුරුකම් වැඩවලට ගත්තත් රන් තැඹිලි තෙල්වල ඇත්තේ සුවිශේෂ බලයකි. නිතරම ගුප්ත කටයුතු සඳහා රන් තැඹිලි තෙලම තෝරා ගෙන කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.
රන් තැඹිලි තෙල සිඳ ගැනීමේදී විශේෂ ක්‍රමවේදයක් ඇත. පොල් තෙල් සිඳගන්නා ආකාරයට කළ නොහැකිය. එම තෙල ලබාගන්නා විධිය අනිවාර්යයෙන්ම දැනගත යුතුය. එම පිළිවෙළ නොදැන රන් තැඹිලි තෙල් සිඳ ගන්න ගියොත් එම තෙල බල රහිත වන නිසා එම තෙල යොදා කරන ගුප්ත කටයුතු වලින් නිසි ප්‍රයෝජනය නොලැබී යෑමට ඉඩ ඇත. ඒ නිසා රන් තැඹිලි තෙල් සිඳ ගන්නා ආකාරය දැනගැනීම වැදගත්ය.
රන් තැඹිලි ගෙඩි කැඩීමට පළමුව ස වට් ඇති වල් පැළෑටි ඉවත් කර, අතුගා සුද්ද කර, තන දිකර ඉස සුවඳ දුම්අල්ලන්න. පුර පක්ෂයේ බුධ දින බුධ හෝරාවක් ගෙන මරුට පිටු පා පංච වර්ණයෙන් යුත් වස්ත්‍රයකින් සැරසී ගසට තෙවරක් නමස්කාර කර ගසට නඟින්න. රන් තැඹිලි ගෙඩිය බිම නොදැමීමට වගබලා ගන්න. කතා නොකර ගෙඩිය අතින් කරකවා කඩා ගන්න. බිමට නොදමා කඩා ගත් රන් තැඹිලි ගෙඩිය අතේ තබාගෙන ගසෙන් බිමට බසින්න. ඉන්පසු කඩා ගත් රන් තැඹිලි ගෙඩියට සුවඳ දුම් අල්ලා ගේ ඇතුළට ගෙන සුදු රෙද්දක් එළූ මේසයක් මත තබන්න.
මෙසේ කඩා ගත් රන් තැඹිලි ගෙඩියෙන් තෙල සිඳ ගන්නා ආකාරයද දැනගැනීම වැදගත්ය. ලී උලකින් ලෙලි ගසා උතුරු දිශාව බලා අලුත් මැටි භාජනයකට පොල් ගෙඩිය හා සුදු නෙළුම් කොළයක් මත තබන්න. එම කොළය මතට පොල් මිරිකා අලුත් මැටි බඳුනකට දමන්න. මෙහිදී පොල් කිරි මිරිකා ගැනීමට ජලය ගන්නේ නැත. එම පොල් ගෙඩියේම තිබුණු පොල් වතුරින් මිරිකා ගත යුතුය. මෙසේ මැටි භාජනයට දමා ගත් කිරිවලට කස්තුරි, ගෝරෝචන, සඳුන් මල්, සුදු හඳුන්, සැවන්දරා, අගිල් මුසු කරන්න. තිරිවාණ ගල් තුනක් මත ළිපක් බැඳ උතුරු දිශාව බලා ළිප දල්වන්න. සඳුන් දර, රත් හඳුන් දර, කොහොඹ දර, නුග දර, අගිල් දර, රත් කිහිරිය දරවලට එලඟි තෙලෙන් පොඟවා ගින්දර දල්වන්න. රත්වන අතරේ අලුත් කුල්ලකින් ගින්දරවලට පවන් සලන්න. තෙල් පදමට පැමිණි කල රන් හෝ තඹ භාජනයකට පෙරා ගුරුකම් සඳහා යොදා ගන්න.

Post a Comment